(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද (05) හෝ හෙට (06) දිනයේදි ගනු ලබන අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිසි තීන්දුවක් ගන්නා බවයි.
පෙර සැලසුම් කර ඇති දිනට උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සිදු වුවහොත් ඊට අනුගමනය කෙරෙන විශේෂ සෞඛ්‍ය නිර්ණායක පිළිබදවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වීය.








