FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසුන්ට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් කෙරේ.

ඒ නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් කරා ගොස් ඇති සරසවි සිසුන්ට නිවෙස් වලට ම වී සිටින ලෙසයි.

එම ආයතන අද (05) සිට සතියකට වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊයේ(04) තීරණය කළේය.

එසේම නේවාසිකාගාරවල සිටි සිසුන්ටද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇත.

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දියණිය කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව මෙලෙස මෙම අධ්‍යාපන ආයතන වසාදැමීමට තීරණය කෙරුණි.