(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා වැය වූ මුදල ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටි රුපියල් මිලියන 442 ක මුදල ගෙවීමට කටයුතු කර ඇති බව නෞකාව හිමි සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර ප්‍රකාශ කළේය.
නෞකාව මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජාරා වරාය වෙත රැගෙන යමින් සිටින බව ද ඔහු පවසා සිටියේය.
එහිදී බොරතෙල් තවත් නෞකාවන්ට පොම්ප කිරීමෙන් පසු නැව කැබලි කිරීමට පියවර ගන්නා බව ද නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.








