රටේ අභ්‍යන්තර ගැටලු පළමුවරට ජාත්‍යන්තර හමුවට ගෙන ගියේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් සභා වාර්තා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොම්සමේ නිර්දේශය සම්බන්ධ පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
1989 වසරේදී එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පළමු වරට රටේ ප්‍රශ්න ජාත්‍යන්තරය හමුවට ගෙන ගිය බව විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.එහෙත් 2003 වසරේදී රෝම ප්රඥප්තියට අත්සන් නොකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරයේ මැදිහත් වීම් ප්‍රතික්ෂේප කර ඇති අයුරු පෙන්වා දුන්නා.යුද්ධය අවසන් වූ විගස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ගිවිසුමක් ගොඩනගමින් සත්‍ය සෙවීමට එකගතාවක් ඇති වුණු අතර ඒ පොරොන්දු ඉටු නොවුනු විට මහලේකම්වරයා දරුස්මාන් කමිටුව පත්කර යුද අපරාධ සෙවීමට ක්‍රියාකළේ පැවති රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා බවයි විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේ.
උදලාගම වාර්තාව වසර 9 යක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සගවා තිබු බවත් වත්මන් රජය අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද ඔහු පැවසුවා.ගැටලුව නිර්මාණය කරමින් එය බරපතල තත්ත්වයට පත්කළ අය අද පාර්ලිමේන්තුවේ සිටින බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේවාට පිලිතුරු ලබා දිය යුතු බවයි විජයදාස රාජපක්ෂ අවධාරණය කළේ.







