FAST NEWS

24×7 Around the Globe

400 පමණ පිරිසක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් -19 රෝගියෙකු ලෙස හඳුනාගත් ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 400 දෙනෙකු පමණ හඳුනා ගැනේ.

මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කළේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය.

එම පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමටනියමිත බවඩ් ඔහු සඳහන් කළේය.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

නැවත දැනුම්දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

මේ අතර බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන තිබේ.

මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.