FAST NEWS

24×7 Around the Globe

20 ට එරෙහි පෙත්සම්වල නීතිපතිගේ වැඩිදුර කරුණු දැක්වීම ලබන සඳුදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අභියෝගයට ලක්කර ගොණුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුඳා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) නියම කළහ.  

ඊට එරෙහිව පෙත්සම් 39 ගොණු කර තිබූ අතර ඉන් දෙකක් සළකා නොබැලීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබීය.

ඒ අනුව සෙසු පෙත්සම් 37 ට අදාළ කරුණු දැක්වීම් සහ පණත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම් ඊයේ දිනයෙන් අවසන් විය.

ලබන සඳුදා දිනයේදී නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමට නියමිතය.