FAST NEWS

24×7 Around the Globe

අධිකරණයේදී රැඳවියෙකු පලා යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා රැගෙන ආ  සැකකරුවෙකු පලාගොස් තිබේ.

ඔහු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් වන අතර ඔහු හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ අයෙකි.

මෙම සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.