FAST NEWS

24×7 Around the Globe

ගමින් ගමට වැඩසටහනින් ජනපති මාතලේට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයා ජනතාව මුහුණ පා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන ඒවාට නොපමාව විසඳුම් ලබාදීම සඳහා ගමින් ගමට දෙවන චාරිකාව මාතලේ, හිබිලියාකඩ ගම්මනයේදී අද(02) ක්‍රියාත්මකයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව පීඩාවට පත්ව ඇති ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැලසීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ මාතලේ, හිබිලියාකඩ ගම්වාසීන් මුණ ගැසී ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳව සොයා බැලුවේය.

ජනාධිපතිවරයා ජනතා ගැටළු සඳහා ඒ මොහොතේම විසඳුම් ලබාදීමට කටයුතු කර තිබේ.