ඔහු මේ බව පැවසුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකළ නව ශ්‍රවණාගාරය ඊයේ (01) විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමිනි.
වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකළ නව ශ්‍රවණාගාරය විවෘත කෙරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ද එක්ව සිටියහ.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගත් තම සහෝදරයා නිර්දෝශී නිසා මාස පහමාරකට පසුව නිදහස් කෙරුණු බවයි.
20 වන සංශෝධනය සමබන්ධයෙන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණුවලට එකග වුවද එහි පවතින බහුතර කරුණුවලට තම කණ්ඩායමට එකග විය නොහැකි බව පැවසීය.
ආණ්ඩුවේ කිසිදු පාර්ශවයක් මෙතෙක් තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර නොමැති බවත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ තීරණය අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම පිළිබඳ සලකා බලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වූ තම සහෝදරයාට එරෙහි චෝදනා ඔප්පු නොවීම මත ඔහු නිදහස් වු බවද රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී සඳහන් කළේය.








