විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතිකල තත්ත්වයක් මත අදත් මැතිසභය උණුසුම් විය.
ඇමති මහින්ද සමරසිංහගේ කථාවෙන් පසු ඩී.ඇම්.ස්වාමිනාදන්ට කථා කිරීමේ අවස්ථාව ලැබීමත් සමගම විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසන්නට විය.
කථානායක නියමයද කඩකරමින් විමල් වීරවංශට ඊළඟ කථා කිරීමේ අවස්ථාව හිමිවිය යුතුයැයි ඔවුහු පැවසීය.
විපක්ෂයට එමගින් අසාධාරණයක් සිදුවන බවයි එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ.
අනතුරුව මූලාසනයේ සිටි මුජිබර් රහුමන් පැවසූයේ තමාට ලැබුණු ලැයිස්තුව අනුව කථා කිරීමේ අවස්ථාව දෙන බවයි.
විපක්ෂ මන්ත්‍රීවරු ඊටද විරෝධය පළ කරමින් කෑගැසූ අතර පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබිණි.
නියෝජ්‍ය වේත්‍රධාරී සභාව මැදට ගොස් දිනෙෂ් ගුණවර්ධනගේ ග්‍රහණයට ගෙන තිබු ලබා ගත්තේය.
සභාව යළි රැස්වූ පසු විමල් වීරවංශට කථා කිරීමට අවස්ථාව ලැබිණ







