FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වරට ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍රයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් කළ සියලු විභාග අපේක්ෂකයින්ට මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිටත් විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවයි.

ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයැදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.