FAST NEWS

24×7 Around the Globe

නිවෙස් වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය ඉවත් කරන්න හොඳ අවස්ථාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 05 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ඒ ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතියට සමගාමීවය.

මේ නිසා නිවෙස්වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය එම දින පහ තුළ පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලය තුලදී දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත ගෙනවිත් භාරදීමට මහජනතාවට අවස්ථාව පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව, රූපවාහිනි, විදුලි පංකා, ජංගම දුරකථන, පරිගණක හා බැටරි ඇතුළු විද්‍යුත් අපද්‍රව්‍ය දිවයින පුරා තැපැල් කාර්යාල 653 කට භාර දිය හැක.