FAST NEWS

24×7 Around the Globe

වැඩි මිලට පොල් අලෙවි කළ තවත් ව්‍යාපාරිකයින් පිරිසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩි මිලට සහල් සහ පොල් අලෙවි කළ වෙළඳුන් 70කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගනී.

ඒ පුත්තලම දිස්ත්‍රික්කය තුළය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලිවලට අනුව පසුගිය මාස දෙකක කාලය තුළ මෙම වැටලීම් සිදුකර තිබේ.

එහිදී පරීක්ෂාවට ලක් කර ඇති වෙළඳසැල් සංඛ්‍යාව 300කට අධිකය.

එහිදී වෙළදසැල් හිමියන් කිහිප දෙනෙකුට අවවාද කළ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.