FAST NEWS

24×7 Around the Globe

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සුදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීමට රජය සුදානම් වෙයි.

ඒ සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

සුරාබදු නිළධාරින්ගේ වෘත්තිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ අරලියගහ මන්දීරයේ ඊයේ (30) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ සුරාබදු නිළධාරින්ගේ වෘත්තිමය ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා දේශපාලන බලපෑම් මත සුරාබදු නිළධාරින්ට ස්ථානමාරු ලබාදීම වහාම නවතා දමන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.