FAST NEWS

24×7 Around the Globe

මංගල කුරුඳු පොලු නඩුවෙන් නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2013 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතරදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු 63 දෙනෙකු නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

ඒ, ඊට අදාළ නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී කුරුඳු පොලුවලින් පහරදීමේ සිද්ධියට අදාළව මංගල සමරවීර ඇතුළු 63 දෙනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඔවුන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.