FAST NEWS

24×7 Around the Globe

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආයුධ සන්නද්ධව පැමිණ ඇති මෙම සැකකරුවන් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබේ.

පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.