FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.  

විද්‍යුත් , මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (29) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.