චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා චීනයේ අගනුවර වන බීජිං සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ඔක්තෝබර් මස 27 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය.
සීඝ්‍රයෙන් වර්ධනය වන සංචාරකයින්ට අමතරව චීනය මේ වනවිට ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳ සහකරු මෙන්ම භාණ්ඩ ආනයනය කරන රාජ්‍ය බවටද පත්ව තිබේ.
CA873/4 ගුවන් යානා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනයන් හි බීජිං හා කොළඹ අතර ගුවන් ගමන් සිදු කරනු ඇත.
කොළඹ බලා පිටත් වන ගුවන් ගමන එරට වේලාවෙන් පස්වරු 1.30ට පිටත් වී මෙරට වේලාවෙන් පස්වරු 7.10 කොළඹට ළඟාවනු ඇති අතර බීජිං බලා මෙරට වේලාවෙන් 9.10ට පිටත්ව එරට වෙලාවෙන් පසුදින පෙරවරු 7ට ගොඩ බෑමට නියමිත වේ. මෙම සේවවා සඳහා එයා බස් 330- 300 වර්ගයේ ගුවන් යානා යොදා ගැනීමට නියමිත වේ.
මෙම කාලෝචිත ගුවන් සබඳතාව දෙරටෙහි ආර්ථික, කාර්මික, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්ගේ වර්ධනයට දායක වනවා ඇත.





