FAST NEWS

24×7 Around the Globe

SLIATE උපාධි ප්‍රදාන ආයතනයක් බවට පත්කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනය (SLIATE)උපාධි ප්‍රදාන ආයතනයක් බවට පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත.   

ඒ සඳහා විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන සංශෝධනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරුන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

එම සරසවියෙන් බිහිවන උපාධිධාරීන් නවීන ලෝකයට ගැළපෙන විද්‍යාර්ථීන් බවට පත්කිරීම සඳහා පාඨමාලාවල උසස් තත්ත්වය හා එහි ගුණාත්මක භාවය රැකෙන පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.