FAST NEWS

24×7 Around the Globe

පසුගියදා ගොඩගත් මළ සිරුර තාජුඩින්ගේමදැයි සොයයි.

පසුගියදා ගොඩගත් මළ සිරුර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ද යන්න තහවුරු කරගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනූව තාජුඩීන්ගේ මවගේ සාම්පල ලබාගෙන අදාළ ආයතනය වෙත යවා ඇති බවත්, එහි පරීක්ෂණ වාර්තා තවම ලැබී නැති බවත්, රහස් පොලීසිය පවසා තිබේ.

එසේම මෙම සැකකටයුතු මරණය ගැන පුද්ගලයින් 31 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා ඇත.

තවද තාජුඩීන් ගමන් කළ වාහනයේ පිටුපස අංක තහඩුවේ ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති බවද රහස් පොලීසිය පවසා තිබේ.

එදිනට විමර්ශනවල ප්‍රගතිය දන්වන ලෙසද නියෝග කළ අධිකරණය දෙසැම්බර් 10 යළි පැමිණිල්ල විභාගයට ගැනීමට නියම කරන ලදි.