FAST NEWS

24×7 Around the Globe

මලික් සමරවික්‍රම ජනපති කොමිසම වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත පැමිණෙයි.

යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට අනුව ඔහු අද මෙලෙස පැමිණ තිබේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද දේශපාලන පළිගැනීම් පිළිබද සොයන ජනපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිතයි.