FAST NEWS

24×7 Around the Globe

වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 47 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ ගත වූ පැය 24 ක කාලය තුලදී සැකකරුවන් 1481 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

ඒ අතරට වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 47 ක් , විවිධ අපරාධ සිදුකර පොලීසිය මගහරිමින් සිටි සැකකරුවන් 70 ක් , අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 326 ක් සහ දූෂණ වැරදි වලට සම්බන්ධ පුද්ගලයින් 777 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ තුළින් මෙතෙක් නොවිසඳුන අපරාධ 80 ක් විසදීමට හැකි වූ බව ද පොලීසිය සඳහන් කරයි.

මේ අතර බස්නාහිර පලාත තුල ඊයේ පෙරවරු 06 සිට අද අලුයම 05 දක්වා කාලය තුල සිදුකල තවත් විශේෂ වැටලීම් වලදී සැකකරුවන් 514 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාව යටතේයි. එම සංඛ්‍යාව 215 ක්.