FAST NEWS

24×7 Around the Globe

අද කොළඹ ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ගවල තදබදය අඩු කිරීමේ අරමුණින් සංඥා ලාම්පු හෙවත් ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක් අද සිදුකරන බව පොලිස් රථ වාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළේය.    

මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කළ මංතීරු නීතිය පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි.