FAST NEWS

24×7 Around the Globe

කසළ කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට හරවා යවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි.

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට කසළ අඩංගු කන්ටේනර් තොගයක් ආනයනය කර තිබුණේ 2017 වසරේදීයි.