FAST NEWS

24×7 Around the Globe

රත්මලානේ රොහාගේ අවසන් කටයුතු වලට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්‍ෂාවත්

(ෆාස්ට් නිව්ස් | මොරටුව) – පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවක දී මියගිය දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ‘රත්මලානේ රොහාගේ‘ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

ඒ අද පස්වරු 04.00 ට අඟුලාන පොදු සුසන භූමියේ දීය.

කෙසේවෙතත් මේ වන විටත් ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

මෙහිදී අවශ්‍ය වුවහොත් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර රත්මලානේ රොහාගේ මරණයේ සතුට සමරන ලෙස ‘කුඩු අංජු’ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.

නමුත් ‘රත්මලානේ රොහාගේ‘මරණය සැමරීමට සූදානම් වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය ඊයේ (25) දැනුම් දීමක් කළේය.