FAST NEWS

24×7 Around the Globe

2020 විද්‍යාපීඨ අපේක්ෂකයින්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමුකිරීමේදී සිසුන්ට සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සඳහා දින 04 ක කාලයක් හිමිවේ.

එය අද සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අදාළ අයදුම්කරුවන් විසින් අද සිට ලබන 30 වනදා දක්වා කාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර තමා විසින් ඇතුළත් කරන ලද දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදුකළ හැක.