FAST NEWS

24×7 Around the Globe

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට සැලසුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. 

නොවැම්බර් හා දෙසැම්බර් මාස ඉලක්ක කර ගනිමින් මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ කෘත්‍රීම සහල් හිගයක් ඇති කළ හොත් එම සහල් තොග ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ,

ලක් සතොස හරහා එම සහල් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96 ක මිලකටත් සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98 ක මිලකටත් අලෙවි කළ යුතු වන සේ උපරිම සිල්ලර මිලක් පනවා ඇති බවයි.