(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් ග්‍රෑම් 213 යි මිලිග්‍රෑම් 868 ක් සමඟ කැළණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 05 කට අධික බව වාර්තා වේ.
කිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරු ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවයි.








