FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනිගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී තිබේ. 

නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.