FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමට දේශපාලන නියෝජිතයින් රැසක් කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යහපාලන රජයේ සිටි මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවී‌මේ ජනාධිපති කොමිශන් සභාව හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතය.

අද ඊට සහභාගී වන පිරිස අතර මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා යන මහත්වරුන් වේ.

තවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ද අද දිනයේ ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇත.

යහපාලන රජය සමයේ පැවති දූෂණ කමිටු කාර්යාල‌ය මගින් සාවද්‍ය ලෙස චෝදනා ගොනු කරමින් පදනම් විරහිත කරුණු මත නඩු පැවරූ බව පවසමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ නීල් හපුහින්න මහතා කොමිසම වෙත සිදුකර ඇති පැමිණිල්ලකට අනුව, මෙම කැඳවිම් කර ඇති බව වාර්තා වේ.

මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ මහතාගේ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පස්වරු 02.00 ට වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවී‌මේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.