FAST NEWS

24×7 Around the Globe

20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 06 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –ශ්‍රේෂ්ඨාධිකරණය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් හමුවේ මේ වනවිට පෙත්සම් 06 ක් ගොණු කර ඇත.    

මේ අනුව , සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් , ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු , ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ වෙනුවෙන් නාගානන්ද කොඩිතුවක්කු සහ අනිල් කාරියවසම් යන අය විසින් අද දිනය තුළ පෙත්සම් ගොණු කල පිරිස වේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුලු පාර්ශව කිහිපයක් නම්කර ඇත.