FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ලේ බන්ටිගේ සමීපතමයින් පිරිසක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්තරමුල්ලේ බන්ටි නමැත්තා ළඟින් ඇසුරු කළ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බත්තරමුල්ල – අකුරේගොඩ ප්‍රදේශයේදීය.

අද(23) පෙරවරුවේ තලංගම පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතර කාන්තාවක් සහ ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙකුද වන බව වාර්තාවේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 300 ක්, අයිස් ග්‍රෑම් 20ක් සහ කේරළ ගංජා තොගයක් සොයා ගත බව පොලිසිය පවසයි.