FAST NEWS

24×7 Around the Globe

සහන මිලට ජනතාවට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා සහන මිලට ජනතාවට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.  

ඒ අනුව ජංගම රථ යොදා ගනිමින් රුපියල් 60 ක මිලකට ජනතාවට පොල් අලෙවි කිරීමට කටයුතු ක්‍රියාත්මකකර ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද (23) සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

පොල්, කිතුල්, තල් හා රබර් වගා සංවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ සෑම ප්‍රධාන නගරයක්ම කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවයි.