FAST NEWS

24×7 Around the Globe

කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් 12 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල්නිවාස සංකිර්ණයක බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

මොවුන් සන්තකයේ තිබී රුපියල් රුපියල් මිලියන 6.5 ක මුදලක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින අතර , සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.