FAST NEWS

24×7 Around the Globe

අළුත් වෙලාවට පාර්ලිමේන්තුව රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව අද (22) යළි රැස්වේ.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සිදුවේ.

පස්වරු 4.30 සිට 5.30 දක්වා කාලය සභාව  කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු ප්‍රශ්න වාරය අද සිට ආරම්භ වන අතර එය පෙරවරු 10.00 සිට 11.00 දක්වා පැවැත්වේ.

මේ අතර අද පස්වරු 2.30ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් “කෝප්” කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතය.

ඊට නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම අද සිදු කෙරේ.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.