(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2021 වසර සඳහා ගිණි අවි බලපත්‍ර අලුත් කිරීම ලබන මස පළමුවනදා ආරම්භ කෙරෙන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව, ගිනි අවි බලපත්‍ර හිමි පුද්ගලයන් සහ ආයතන එළඹෙන ඔක්තෝම්බර් මස පළමුවනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ සිය බලපත්‍ර අලුත් කිරීම සිදුකළ යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එදිනට පසු ලබන වසර සඳහා ගිණි අවි බලපත්‍රය අලුත් කිරීමක් සිදු නොවන බව අදාළ නිවේදනයේ දක්වා ඇත.
වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.








