FAST NEWS

24×7 Around the Globe

රවීට සහ අර්ජුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝෂියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.   

කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේ ඔවුන්ට නඩු පවරා තිබේ.