FAST NEWS

24×7 Around the Globe

මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට සිදුවන දේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද සිට කොළඹ නගරයේ තෝරාගත් මාර්ග 04 ක මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.   

ඒ අනුව ගාලු පාර / හයිලෙවල් මාර්ගය / බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා සහ පස්වරු 04 සිට රාත්‍රී 08 දක්වා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වෙයි.

මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක වුවද නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමක් සිදුනොකරන බව නාගරික රථ වාහන කොට්ඨාසය පවසයි.

කෙසේවෙතත් මෙම සතියේදීද රියදුරන් දැනුවත් කිරීම පමණක් සිදුවන අතර, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවන බව පොලිසිය කියා සිටියි.

මංතීරු නීතිය කඩකරන සියලු රියදුරන් සීසීටීවී කැමරා සහ ඩ්‍රෝන කැමරා ආධාරයෙන් හඳුනා ගනිමින් ඒවායේ රියදුරන් සහ ලියාපදිංචි හිමිකරුවන් දැනුවත් කිරීමද එහිදී සිදුවනු ඇති.