FAST NEWS

24×7 Around the Globe

සම්භානය මුවාවෙන් ගිය මහරගම ගණිකා නිවාසයක් වටලයි.

මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා ඇත.

පොලීසිය පැවසුවේ, ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් එම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බව ය.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ මෙම වැටලීමේදී එහි කළමනාකරු ඇතුළු සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් බදුල්ල, පිළියන්දල, ගලේවෙල, වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකාරියන් ය.

සැකකරුවන් සහ සැකකරු අද (22)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.