FAST NEWS

24×7 Around the Globe

නරුම මවක් රිමාන්ඩ් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දින 40 ක බිළිඳියක් ගෙළ සිරකර ඝාතනය කළ මවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඒ මඩකලපුව වන්නියාර ප්‍රදේශයේ කාන්තාවකි.

අදාළ කාන්තාව තම දරුවා රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

පසුව අත්අඩංගුවට ගැනුණු ඇය දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මියගොස් සිටි බිලිඳියගේ සිරුර ලිඳක තිබී පසුව පොලිසිය විසින් සොයාගෙන ඇත.

මඩකලපුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.