FAST NEWS

24×7 Around the Globe

ඉමෝ හරහා කළ පක්‍ෂි ජාවාරමක තොරතුරු හෙළිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර්ජාලය ඔස්සේ පක්ෂීන් අල්ලා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස පක්ෂීන් අල්ලා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මාතලේ වනජීවි ඒකකයේ හදිසි වැටලීම් කණ්ඩායමක් මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ඔහු සන්තකයේ තිබී වනාන්තරවලින් අල්ලා ගත් අළු ගිරවුන් 06 දෙනෙකු සහ එම පැටවුන් 06 දෙනෙකු, සැලලිහිණියෙකු සහ එම පැටවුන් 06 දෙනෙකු මෙන්ම ලබු ගිරව් පැටවුන් 06 දෙනෙකුද සොයාගත් බව මාතලේ වනජීවි කාර්යාලය පවසයි.

වනාන්තරවලින් අල්ලා ගන්නා කුරුල්ලන් මෙම පුද්ගලයා විසින් ඉමෝ තාක්ෂණය ඔස්සේ විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම කාලයක් තිස්සේ සිදුකර ඇති බව කරුණු අනාවරණය වී තිබේ.