FAST NEWS

24×7 Around the Globe

කහ කිලෝ 1000ක් නාවික හමුදා භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හලාවත මෝයකට ප්‍රදේශයේදී කහ කිලෝ 1000ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

මේවා මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමට උත්සහ කර ඇති බව හෙළිව ඇත.

වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම කහ තොගය පොලිසිය වෙත භාර දීමට නියමිතය.