විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කැබිනට් අමාත්‍ය ධූරයේ විෂය පථයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිතුමා විසින් නැවත සංශෝධනය කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වන ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එම සංශෝධනය සිදු කර තිබේ.
අංක 1936/51-2015 ඔක්තෝබර් මස 15 වැනි බ්‍රහස්පතින්දා නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රය මඟින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් නැවත සංශෝධනය කර ඇත.
ඒ යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) හා ඊට අනුබද්ධිත සියළුම තොරතුරු තාක්ෂණ ආයතන සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය නව අමාත්‍යාංශය යටතට පත් කර ඇත.







