FAST NEWS

24×7 Around the Globe

ලේස් පටියකින් ගෙලවැලලාගෙන සිරකරුවෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.


මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ ලුනාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඔහු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි සැකකරුවෙකු බව වාර්තා වෙයි.

සිරමැදිරිය තුල ලේස් පටියකින් ගෙලවැලලාගෙන සැකකරු මියගොස් ඇති බවද වාර්තාවේ.