FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් නෞකාව අවට ඇත්තේ ඝණ දැවි තෙල් වර්ගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඊයේ(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අධිකාරියේ සභාපති නිීතිඥ දර්ශණි ලහදපුර මේ බව පැවසීය.

නෞකාව අවට මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් ජල සාම්පල්වල වාර්තාව ඊයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙමින් රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇත්තේමෙලෙස මුහුදට ක්හාන්දු වී ඇත්තේ නෞකාවේ එන්ජින් කාමරයේ තිබූ ඝණ දැවි තෙල් වර්ගයක් බවයි.

ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දුෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන බව එම අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දෙයි.

මෙම නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 64ක් දුරින් පවති.