FAST NEWS

24×7 Around the Globe

අභියාචනාධිකරණයෙන් පොලිස්පතිට දෙවැනි වරටත් නොතීසි.

අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පතිට නොතීසි නිකුත් කර තිබියදී විදේශගතව සිටි පොලිස්පති වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්වී කරුණ දැක්වීම පැහැර හැරීම නිසා ඔහු ඉවත් කර පොලිස් කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

නීති කොට්ඨාසයේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සැකකාර පාර්ශවයෙන් අභියාචනාධිකරණයට ගොනුකර තිබූ හබයාස්කෝපූස් පෙත්සම අනුව පොලිස්පති ඇතුළු නිලධාරීන්ට මේ මස 9 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

එහෙත් පොලිස්පති ඇතුළු නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් නැවත 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි දෙවැනි වරටද නොතීසි නිකුත් කැරිණි.