FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් STF අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | යාපනය) – පුදිකුඩිඉරිප්පු – උයිලන්කුලම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 52 ක් සහ කහ කිලෝග්‍රෑම් 920 ක් සමඟින් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.    

සැකකරුවන් සන්තකයේ තිබී මීට අමතරව ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු පහක්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් 17 ලක්ෂ 25,000 ක්ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර, කාන්තාවන් දෙදෙනෙකුද සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

මොවුන් මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලටද සම්බන්ධ යැයි මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇත.