FAST NEWS

24×7 Around the Globe

එස් එෆ් ලොක්කගේ සමීපතමයින්ගේ බැංකු ගිණුම් පිරික්සන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඝාතනයට ලක්වූ “එස්.එෆ්.ලොක්කාගේ සමීපතමයින් නමින් ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය පොලිසියට දැනුම් දෙයි.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා තිස් දෙකක කළමනාකාරීත්වයට නියෝග කර ඇත්තේ ඔහුගේ පවුලේ ඥාතීන් හා පෙම්වතිය ඇතුළු දස දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙසයි.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නියෝග කර ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම් යසරත්න මහතා සඳහන් කර ඇත්තේ, වෙඩි තබා ඝාතනය කෙරුණු  එස්.එෆ්.ලොක්කා ජීවතුන් අතර සිටිය දී හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිට ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇති බවයි.

එස්.එෆ්.ලොක්කාගේ පියා වන ආර්.ඒ අනුර, මව වන ජේ. එලිසබෙත් රාණි, සහෝදරයෙකු වන ආර්.ඒ අසිත රණසිංහ, සහෝදරියක වන ආර්.ඒ අනෝජා රණසිංහ, පෙම්වතිය බව පැවසෙන තිලිණි නදීෂා වීරසිංහ සහ ඥාතීන් වන සුතාරා චේතුමාලි චන්ද්‍රසිරි, ජේ.එම් මනෝජ් රංගන අමරසේකර,  එම්.ඒ ධනංජය මල්ලවාරච්චි සහ  ඩී.එච්.ඩබ් චමින්ද කුමාර යන අයගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් අධිරණය විසින් ඉල්ලා තිබේ.