FAST NEWS

24×7 Around the Globe

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද ජනපතිට හා අගමැතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට භාරදීමට නියමිතව තිබේ.   

අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවට උදය ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇතුළත් ය.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. ව්‍යාලේන්ද්‍රන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් ද කමිටුවට පත්කර තිබේ.