FAST NEWS

24×7 Around the Globe

අද කාලගුණය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඌව පළාතෙත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනය සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.